මිනිසාගේ සම්භවය හා පරිණාමය


බුදුදහමේ ඉගැන්වෙන ආකාරයට උපත සිදුවන්නේ අණ්ඩජ, දලාබුජ, සංසේදජ, ඕපපාතික වශයෙන් බව සංයුක්ත නිකායේ නාග සුප්පවණ්ණ වග්ගයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ විග්‍රහයේ දී උපතක් සිදුවිය හැකි ක්‍රම හතරක් පිළිබඳ විග්‍රහයක් කර ඇත.  නූතන සමාජය තුළ සත්වයෙකුගේ පහළවීම ලෙස හඳුන්වන අවස්ථාව වන්නේ කිසියම් මව්කුසකින් උපදින අවස්ථාවයි. දුර අතීතයේ විසූ මිනිසුන් දරුවකු මව්කුස පිළිසිඳ ගැනීම හා මව්කුසෙන් දරුවෙකු බිහිවීම යන මේ සිද්ධිදාමය ශවුන් හඳුන්වා දෙන්නට යෙදුනේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වශයෙනි. හින්දු සමාජය තුළ ලිංග පූජා ආදිය පවත්වමින් උපතට දේවත්වයක් ආරෝප කිරීමට උත්සහ දරා තිබේ. මේ ලක්ෂණය නූතන ජන සමාජ ක්‍රමය තුළින් ද දක්නට ලැබේ. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ භාරතයේ පහළ වූ ශ්‍රේෂඨතම උත්තමයන් වූ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. උන්වහන්සේ නිර්මාණවාදය පසෙකට දමා සත්වයාගේ ආරම්භය සිදුවන ආකාරය විග්‍රහ කර තිබේ. සත්වයාගේ පහළ වීම සිදුවන්නේ දෙදෙනෙකුගේ එකතුවීමක් පදනම් කරගෙනය. එමෙන්ම මව ඍතුමත් වීම හා ගන්ධබ්බයෙකුගේ පැමිණීම හෙවත් විඤ්ඤාණයක් මව් කුසට ඇතුල් වීමෙන් කළලයක් හටගැනීම ට හේතු වේ.  මෙකී කරුණු තුන සම්පූර්ණ විමෙන් පසු කළලයක් හට ගැනීමට කර්මය, අන්තරාභවය ඒ පිළිබඳ ගැඹුරින් හා පුළුල් විග්‍රහයක් ආගමික සම්ප්‍රදායන් මඟින් ඉදිරිපත් කර ඇත. සත්වයාගේ හට ගැනීම සඳහා සාධක වන තවත් ලක්ෂණයක් නම් පදාර්ථයන්ගේ එකතුවීමක් ද අවශ්‍ය වේ. සංයුක්ත නිකායේ සේලා සූත්‍රයේ දී ජීවය හටගන්නේ කෙසේද? නිර්මාණය කළේ කවරෙක් විසින් ද යන ප්‍රශනයට කදිම පිළිතුරක් ලබාදෙන සේලා භික්ෂුණිය ජීවිතය යනු තමා විසින් ම නිර්මාණය කර ගන්නා ලද දෙයක් ද නොවන බවත් අන් අය විසින් සාදන ලද දෙයක් නොව මෙය හේතු මුල්කරගෙන හටගන්නක් බවත් හේතු බිඳීමෙන් එය ද විනාශ වන බව පවසා තිබේ.  මෙතුළින් නිර්මාණවාදය බුදුදහම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. යම් බීජයක් තිබූ පමණින් හටගන්නේ නැත. එය හට ගැනීමට හේතු සාධක බලපායි. මේ හේතු කරණ කොටගෙන බීජය හටගනී. මහාතණ්හාසංඛය සූත්‍රයේ දී සත්වයාගේ පහළ වීමට සංඛාර ආදී හේතු ප්‍රත්‍යයන්ගේ මූලිකත්වය උපදින බව පෙන්වා දී තිබේ.  “ජාතයවාභූතය” යනාදී වශයෙන් අට්ඨකථාව තුළ ද සඳහන් කර තිබේ. “සම්පඤඤාය පසසතො පංචසකන්‍ධය ජාතය, භූතය”  නිපන් යැයි තතු සේ දක්නට හුය. එමෙන්ම තවදුරටත් විග්‍රහ කරන්නේ නම් මවක් ඍතුමත් වීම සිදුවිය යුතු බවත් ස්ත්‍රියකගේ යම් අවකාශයක දරුවා උපදී ද එහි මහත් වූ ලේ පිලාවක් පිහිටා බිඳී වැගිරෙයි. වස්තුව පිරිසිදු වේ. මෙසේ වූ පසු සත්දවසක් තෙක් පිළිසිඳ ගැනීමට සුදුසු කාල පරාසය යැයි අට්ඨකථාවේ කියැවේ. “මාතාච උතුනී හොති”  මවුකුසක නාමරූප හටගන්නේ විකල නොවූ හේතු රාශියක් එක්වීමෙනි. දීඝ නිකායේ සෝණදණ්ඩ සූත්‍රයේ දැක්වෙන අන්දමට සතරමහාභූත රූපවලින් හටගන්නා බවත්, පඨවි යනු තදගතිය, ආපෝ නම් වැගිරෙන ගතිය, තේජෝ නම් උණුසුම් බව, වායෝ නම් වාතය යන සතර එක්වීම බලපාන බවයි.  මජ්ක්‍ධිම නිකාය අටුවාව මේ පිළිබඳ අදහස් දැක්වීමේ දී දරුගැබක් හටගන්නා ආකාරය විග්‍රහ කිරීමේ දී මවුපියන්ගේ එකතුවිමෙන් සත්දිනක් ගතවන තුරු පිරිසිදු අවකාශයේ දරුවෙකු පිළිසිඳ ගන්නා බවත්, මේ කාලසීමාවේ සිදුකරණු ලබන මෙවන් ක්‍රියා කලාපයෝ එනම් මවගේ අත් ඇල්ලීම, හිස පිරිමැදීම, පිළිසිඳ ගැනීම යන ක්‍රියා කලාපයන් තුළින් පිළිසිඳ ගන්නා බව සඳහන් කෙරේ.  මේ කාලය තුල දී බිරිඳකට ආදරය දැක්විය යුතු කාලය බව මෙයින් කියා පා තිබේ. මහානිදාන සූත්‍රයට අනුව විඤ්ඤාණය, නාමරූප වෙත බැසගැනීම, එයින් ඉවත්වීම පිළිබඳ අදහස ප්‍රකටවම ප්‍රකාශයට පත්වේ. මේ තුළින් ද ප්‍රතීයමාන වන්නේ පවතින විඤ්ඤාණ පරම්පරාව ට අයත් විඤ්ඤාණයක් එළඹීම මඟින් ද කිසියම් විඤ්ඤාණයක් පිටවීමත් සමඟ උපතක් සිදුවිය හැකි බවයි. විඤ්ඤාණ ශක්තිය සකස්කර ගන්නා අපි දකින නොදකින සියලු දේ නියාම ධර්ම පහකට යටත් වේ. මෙම නියාම ධර්මයන්ට අවනත නොවී කටයුතු කළ නොහැක. මෙයට යටත් විය යුතු ය. විඤ්ඤාණ ශක්තියෙන් උපත ලබන දෙය විඤ්ඤාණ ශක්තියට යටත්වන නිසා විඤ්ඤාණය නිරෝධ කිරීමෙන් නියාම ධර්මයන් ට යටත් නොවී ක්‍රියා කළ හැකි ය. “ගනධබෙබා පචචු පටඨිතො හොති”  විඤ්ඤාණය මවුකුස අල්ලාගන්නා බව මෙහි දී විග්‍රහ කොට තිබේ.
මව්කුසක කළලයක් හට ගනුයේ කුමන කරුණකින් ද කිසියම් සත්වයෙකු මවුකුසක හට ගන්නේ ද “කථනත්‍වයං මජජති ගබභරසමිං”  මව්කුසක කළලයක් හට ගන්නා මුල් අවස්ථාව හෙවත් කළල අවස්ථාව ක්‍රම ක්‍රමයෙන් වර්ධන ක්‍රියාවලිය සිදු වේ.  උසස් දිවියක් ගත කිරීමට ත්‍රිහේතුක කුසල විපාකයන් ද හේතුවේ.  මේ කුසල විපාකයන් ගේ බලපෑම හිමි වන්නේ සසර පින් ඇති සත්වයන්ට ය.  ඔවුන් සමාජයේ කැපී පෙනෙන්නන් බවට පත් වේ.  දිහේතුක විපාකයන් මත පිහිටා උපදින සත්වයන් ද සමාජයේ වෙසෙති.  කුමන කරුණක් මත හෝ පිහිටා සත්වයා මවු කුසක් අල්ලා ගත්ත ද මුල් ම අවධිය වන්නේ කළල අවස්ථාව යි.  මේ කළල අවස්ථාව හට ගන්නා ආකාරය විග්‍රහ කරනු ලබන්නේ මැස්සෙකු තුඩින් වරක් උරන කුඩා බිඳුවක් තරම් කුඩා අවධියක් වශයෙනි.  ඛුද්දක භාණ්කාචාරියෝ ජාතිමත් එළුලොමක් (උණණ) ශුද්ධ ගිතෙලෙහි ගලා යටිකුරු කල කල්හි වැගිරෙන ගිතෙල් බිදක් පමණ යැයි කියති.  සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රය තුළ සත්ව රූපය හට ගන්නා ආකාරය ඉන්දක නම් යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ දී ඔහුට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ පළමුව කළල රූපය හට ගන්නා බවත් දෙවනුව එය වර්ධනය වී අබ්බුද බවට පත්වන බවත් එය මේරීමෙන් පසු පේශී ඇතිවන අයුරුත් ඉන්පසු ඝාණ නම් තත්වයකට පත්වන බව හා අත්පා වැඩීම ඉන්පසු සිදුවන අයුරු හා මව ගන්නා ආහාරයෙන් දරුවා යැපෙන බව පසක් කර දී තිබේ.
“පඨමං කලලං හොති කලලා හොති අබබුදං
අබබුද ජායතෙ පෙසී පෙසී නිබබනතති ඝනො
ඝානා පසාඛා ජායනති කෙසා ලොමා නාඛා පිච
යඤඛසස භුඤජතෙ මතා අනනං පානඛෙ භොජනං
තෙන සො නත්‍ථි යාපෙති මාතුඤචජිගතො නරොති”
මේ පිළිබඳ අටුවාචාරීන් වහන්සේලාගේ අවධානය යොමු වීමේ දී
“තිලතෙලසස යථා බිනදු සනපිමණෙඛා අනාමෙලා
එවං වණණ පටිභාගං කලලං සමපවුචචති”
තල තෙල් බිදුවක් පිරිසිදු ගිතලෙහි බිඳක් යම්සේ වේද එබඳු වර්ණයක් කළලයක් යැයි කියනු ලැබේ.  මේ තුළින් මව්කුසක ලැග ගන්නා ආකාරය පැහැදිලි ය.  කළල රූපය හට ගන්නේ කම්ම, චිත්ත, ඝෘත, ආහාර යන කරුණු හේතුවෙනි. ප්‍රතිසන්ධිය වශයෙන් හඳුන්වන්නේ ද බුදු දහමේ “ජාතිය” වශයෙනි.  සච්චවිභංග සූත්‍රය තුළ ජාතිය යන්න පිළිබඳ කදිම විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. “මහණෙනි ජාතිය යන්න කවරේද? ඒ ඒ සත්ව යෝනියෙහි පහළවීමත් ස්කන්ධයන්ගේ පහළ වීමක් හා ආයතනයන්ගේ පහළ වීමක් වේද ඇවැත්නී එය ජාතිය යැයි කියනු ලැබේ.”  බෞද්ධ විග්‍රහය තුළ එලෙස අර්ථ ගන්වා තිබේ.  කළලයක් සංවර්ධනය වීමට නම් දින හතක් පමණ කාල පරාසයක් ගත වේ.  දෙවන සතිය තුළ දී මෙය අබ්බුද යන නාමයෙන් හඳුන්වා දී තිබේ. මෙය පෙරලෙමින් පවත්නා තත්වයකි.  එය මත්‍යසයෙකු ජලය බදුනක දැමුවා හා සමානය. අබ්බුද දින හතත් ගෙවුනු පසු උණුකළ ඊයම් වැනි දෙයක් මෙන් සමාන වූ පේශී නම් දෙය හට ගැනීම සිදු වේ.  පෙරලෙමින් පවතින තත්වය මඟ හැරී ඊළඟ සතිය තුළ දී හෙවත් තුන්වන සතියේ දී පේශී තත්වය ඉවත් වී තද ස්වරූපයකට පත්වන කළලය ඝාණ යනුවෙන් හඳුන්වන තත්වයට පත්වේ. “පෙගී නිබබතතතී ඝාණො”  මේ ගතිය ද මඟ හැරී අත්පා වැඩීම සිදුවෙන තැන් උස්ව වැඩි එකොළොස්වන සතිය තුළ ඛක්‍ඛු, සෝත, ඝාණ, ජිව්හා පහළ වේ.  මව ගන්නා ආහාර රූපය හේතුවෙන් වැඩීම සිදුවේ.  යම් වෘක්‍ෂයක් පතුවලින් හා මුල්වලින් ලබා ගන්නා වූ රසෝජාවෙන් එම වෘක්‍ෂය වැඩෙන්නාක් මෙන් දරුවාගේ රූප කලාපය වැඬේ  සත්වන මාසය වන විට අංග සම්පූර්ණ සිරුරකට හිමිකම් කියාපායි.  මහා තණ්හාසංඛ්‍යය සූත්‍රය තුළ දී බිලිඳෙකුගේ සිරුර වැඩෙන ආහාර හතරක් දක්වා තිබේ.
1ග කබලීකාර ආහාර - සාමාන්‍ය ද්‍රව්‍යමය ආහාර එනම් කෑලිවලට කඩා විකා අනුභව කරන ආහාර.
2ග එස්සාහාර - ඇස්, කණ්, ආදී පසිඳුරන්ගෙන් ගැටෙන දෙපිළිබඳ දැන ගැනීම ස්පර්ශයෙන් ලබන ආහාර.
3ග මනෝ සංචේතනික ආහාර - ඉන්ද්‍රිය අරමුණු වන දේ පිළිබඳ විමසා බලා ශක්තිය දියුණු වීම.
4ග විඤ්ඤාණහාර - ඉන්‍ද්‍රිය ගෝචරය කිරීමෙන් අරමුණු වෙන් ව හැඳින ගැනීමෙන් ලබන ආහාරය.
මවු කුස තුළ සිටින දරුවා මවගේ ආහාරපාන ලබා ගන්නේ මවගේ උදර පටලය හා ඒකාබද්ධ වීමෙන් ආහාර රසය ප්‍රත්‍යය කරගෙනය.  මෙලෙස බිළිඳෙකු කර්ම ශක්තිය අනුව ඉත්‍ථිභාව හා පුරුෂභාව යන ස්ත්‍රී පුරුෂ භේදය මත “මාතුකචඡිගතොනරො”  මව්ගේ කුසෙහි හරස් අතට සිට දසමසක් ඇවෑමෙන් පසු බිහිවේ.  නූතනය වන විට දරුවන්ගේ බිහිවීම මාස හතෙනුත් සිදුවෙන අතර ඉන් ඉදිර මාසවලදීත් මෙන් ම දසමසක් සපිරීමෙන් ද දරු උපත් සිදුවේ.  දසමසක දී බිහිවන දරුවා පින්වන්ත දරුවෙකු ලෙස ධර්මයේ හඳුන්වා දී තිබේ.  “ගබබසස අවතකනති’ හොත”  නව මසකින් හෝ දසමසකින් දරුගැබ කුසෙහි දරා සිටීමෙන් අනතුරුව දරු ප්‍රසූතිය සිදු කරන බව බුදුදහම පෙන්වා දී තිබේ.  මව්කුසක නිසි පරිදි දසමසක් ගත කරන්නේ බුද්ධත්වයට පත් වන්නට පාරමී පූරණ ලද බෝධිසත්වවරුන් ය.
ප්‍රතීත්‍යසමුත්පාද සිද්ධාන්ත ණය ක්‍රමයට අනුව පරිණාමය ක්‍රියා මාර්ගය සිදුවෙන අයුරු පෙන්වා දී තිබේ.  මිනිස් ජීවිතය හා ලෝකය ගැන විවරණය කරන අවස්ථාවේ දී එහි මූලාරම්භය දැන ගැනීමට නොහැකි බව බුදුන් වහන්සේ අවධාරණය කළහ.  සෘතු විපර්යාසය මගින් සිදුවන බවත් පෙන්වා දී තිබේ.  මිනිස් සමාජයේ පරිණාමයට මූලික හේතූන් වශයෙන් ආත්ම උනන්දුව (ීැකf-සබඑැරුිඑ) හා අන්‍යොන්්‍ය ආත්ම උනන්දුව (පමඑම්ක ිැකf සබඑැරිඑ)ඉදිරිපත් කළහ.
මිනිස් වර්ගයාගේ පරිණාමීය ක්‍රියාවලිය ආකස්මික අද්භූත බලයක ප්‍රතිඵලයක් නොව එය ක්‍රමිකව සිදුවූ සිද්ධි දාමයකි.  මානව සංහතියේ පරිණාමීය ක්‍රියාවලිය දෙස බැලීමේ දී අග්ගඤ්ඤ සූත්‍රයට වැදගත් තැනත් හිමිවේ.  මිනිස්ලොව ජීවත් වී යහපත් ක්‍රියාවල නිරත ව එයින් නික්ම ගොස් ආභස්සර දිව්‍ය ලෝකයේ ඉපිද නැවත චුතවී පෘථිවිතලය ඇසුරුකොට ඕපපාතික සත්ව කොට්ඨාසයක් නමින් බිහි වූ කල්හි ප්‍රීතිය ආහාරය කොට ජීවත් වූ නමුදු පසුකාලීනව ක්‍රමිකව පරිණාමිය ක්‍රියාව සිදුවිය.  මිනිසාගේ පරිණාමීය ක්‍රියාවලිය මෙම ඉගැන්වීමට අනුව සිදුවනු ලබනුයේ ඕපපාතිකව හටගත් සත්වයා ප්‍රීතිය ආහාරය කොටගෙන ය. “අහුමහ පිතිභක්‍ඛා යයමපභා”  ප්‍රියවන තෘෂ්ණාව පැමිණීමත් සමග ය.  එසේ ම රස පොළොව ආහාරය වශයෙන් ගැනීම ද සිදුවිය.  ආහාර සෙවීමට යොමුවීම පරිණාමයේ තවත් සාධකයක් ඉදිරිපත් කිරීමකි.  මානවයාගේ පරිණාමීය ක්‍රියාවලියේදී සෙතවණණ හා සුබ්‍රවණණ භේදයත් සිදුවිය.  රළු ආහාරවලට යොමු වීමත් සමග ලිංග භේදය ඉන් ආරම්භ විය.  ස්ත්‍රී පුරුෂ යන භේදය මුලින් ම සිදු වී තිබේ.  පූර්ණ මනුෂ්‍යයන් වශයෙන් ස්ත්‍රී භාවය හා පුරුෂ භාවය වශයෙන් භාවරූපයන් ඇතිවීම සිදු විය.  එතැන් පටන් ලිංගික සංසර්ගයට මිනිසා යොමුවීම සිදු විය.  මෙයින් පසු මානව සංහතිය වර්ධනය වීම සිදුවූවා විය හැකි ය.
මානවයා වැඩිවීමත් සමග ම මිනිස් සංහතියේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ.  මිනිසුන් මුල් කාලයේ දී විවිධාකාරයේ යොමුවීම, මමත්වය ගොඩනැඟීම, තමාගේ කර ගැනීමට යෑම නිසා මිනිසුන් ඒකමතිකව සියලු වස්තු ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔවුන්ගේ ස්ව කැමැත්තෙන් රජෙකු පත් කර ගැනීමට යොමු වීය.
“මහාජන සමමතො ති ඛො වාසෙටඨ මහා සමමතො”  ප්‍රස්තුත සූත්‍රය දෙස බලන කල්හි පරිණාමීය ක්‍රියාවලිය මොනවාට පවසම් ද? දීඝනිකායේ චක්කවත්ති සූත්‍රය දෙස බැලීමේ දී මානව වර්ගයා පරිණාමය සිදුවෙන අයුරු විද්‍යමාන කර තිබේ.  මෙහි දී රාජ්‍ය පාලනතන්ත්‍රයට උපදෙස් ලබා දෙන සූත්‍රයක් වුවද මිනිසා ක්‍රමිකව අධර්මයට හා දස අකුසලින් ඈත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ආයුෂවල යම් පිරිහීමත් සිදුවන බවත් අධර්මයට යොමුවීම නිසා මිනිසාගේ පරමායුෂ ප්‍රමාණ වූ වර්ෂ අසූදහක් බව හා ඇදහීමට පවා උගහට ය.  එය දීර්ඝ ආයුෂ ප්‍රමාණයකි.  මිනිසා ආහාර තෘෂ්ණාව හා ආහාරක්ලාන්තිය, මහලු වීම, යන ආබාධ තුනෙන් පෙළෙන බැවින් එම අවධියේ දී වර්ෂ පන්සීයක් සපිරූ යෞවන යෞවනියන් විවාහය සඳහා යෝග්‍ය කර ගන්නා බව පැවැසේ.  මානව වර්ගයාගේ ඒ දක්වාම පරිණාමීය ක්‍රියාවලියට භාජනය වන බව පෙන්වා දී තිබේ.
මිනිස් සංහතිය විපරිණාමයට පත්වන අයුරු පෙන්වනු ලබනුයේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී අධාර්මිෂ්ඨ ගති ඇති මිනිස් සංහතියක් බවට පත්වන බවත් තියුණු ආයුධ අතැතිව වෙසෙන බව හා මා පිය සොයුරු සොයුරියන් පවා නොහඳුනන තත්වයකට පත් වන බවයි.  දීර්ඝ ආයුෂ ඇති ඔවුන්ගේ මේ ක්‍රියා කලාපයන් සමග පරමායුෂ වනුයේ වර්ෂ දහයක් පමණ ය.
ස්ත්‍රියක් හා පුරුෂයෙකු මෙවුන්දම් සේවනයත් සමග ගෘහ ජීවිතයකට යොමුවීම මානව වර්ගයාගේ පරිණාමයේ තවත් පැතිකඩකි.  මිනිස් සමාජයෙන් සැඟව තත්කාර්යය සපුරා ගැනීමට වෙහෙසීම පරිණාමීය කාර්යයකි.
මානවයා වැඩි වීමත් සමග මානවයාගේ නව යුගයක් උදාවීම සිදුවී තිබේ.  මිනිසුන් මුල් කාලයේ දී ක්‍රියා කිරීමට හාත්පසින් ම නූතනය වන විට නාගරීකරණය, කාර්මීකරණය, වානිජ කරණය හමුවේ නව යුගයක් උදා වී තිබේ.  අද දවස වන විට දී ද මේ සිද්ධි දාමය සිදුවෙමින් පවතින බව පැහැදිළි ය.


 මීපනාවේ  අමරවංශ හිමි

ධර්ම ලිපි

පළමු වන පරිච්ඡේදය
වෘද්ධභාවය හැඳින්වීම
1.1 සංකල්ප විග්‍රහය
නාකි, යමක් තමාටම කළ නොහැකි, පාරම්පරික අදහස යනාදී වශයෙන් වෘද්ධත්වය කෙටියෙන් නිර්වචනය කළ හැකි ය. වෘද්ධත්වයට පත්වූවන් වැඩිහිටියන් වශයෙන් සැලකුව ද විවිධ පුද්ගලයන්ගේ අදහස් පිළිබඳ විමසීමේ දී එකිනෙකට පරස්පර ය. සංස්කෘතිකමය වශයෙන් විමසා බලන කල්හි වෘද්ධත්වයට පත්වූවන් ලෙස විග්‍රහ වනුයේ සාමාජීය, ආර්ථික මෙන්ම දේශපාලනමය වශයෙන් අත්දැකීම් වලින් හා තම ජීවිතයේ සැඳෑ සමය ගෙවන අය ලෙස ය. නූතන සමාජ ව්‍යාවහාරය දෙස විමසුම් ඇසින් බලන කල්හි ද පැහැදිලි වන්නේ “වෘද්ධත්වය” යනු හිසකෙස් ඉදීම ආදියෙන් වෘද්ධභාවයට පත්වී ඇතැයි යන්න ය. එහෙත් මෙය වෘද්ධත්වයට පත්වීම වශයෙන් හැඳින්විය නොහැකි ය. වර්තමානය වන විට හිසකෙස් අකලට පැසුණු පුද්ගලයන් ද සිටීමෙන් පැහැදිලි වන්නේ මෙය ඔහුගේ පරිණතභාවයේ ඉහළ ම අවස්ථාව ලෙස හැඳින්වීම යුක්ති සහගත නොවන බව යි. මිනිසා වෘද්ධත්වයට පත්වීම යනු එකහෙලාම වැඩිහිටියන් සේ සැලකීම යුක්ති යුක්ත නොවේ. ජීවිතයේ විවිධ අවධීන් පසු කරන මිනිසා විවිධාකාරයෙන් වෘද්ධත්වයට පත්වේ. එනම් ගුණවෘද්ධ, වයෝවෘද්ධ, තපෝවෘද්ධ, නැණවෘද්ධ ආදී තත්ත්වයන් ය. ජීවිතය විවිධාකාරයෙන් ගමන් කිරීමේ දී වෘද්ධත්වයට පත්වන අයුරු මෙතුළින් පසක් වේ. සියලු සංවර්ධනයන් මිනිසාගේ සිතිවිලි තුළින් චින්තනය තුළින් හටගෙන එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් ජීවිතයේ යම් යම් අවධීන් පසු කිරීම වෘද්ධත්වයේ ලක්‍ෂණයන් ලෙස මේ තුළින් ගම්‍යමාන වේ.
මිනිසා තම ජීවිතයේ පැවැත්ම ආරම්භ කරනුයේ  උපතේ සිට මරණය දක්වාම ය. එහි දී ළදරු, ළමා, තරුණ, වැඩිහිටි හා වයෝවෘද්ධ අවස්ථාවන් පසු කරයි. වෘද්ධභාවයට පත්වීම ජීවිතයේ සාමාන්‍ය ලක්‍ෂණයකි. ක්‍රමයෙන් වෙනස්වීම විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයන්ගේ ප්‍රමාණාත්මක වෙනස්වීම ලෙස පෙන්වා දිය හැකි ය. මෙලෙස විවිධ අවධීන් පසු කරන මිනිසා තම ජීවිතය තුළ විවිධ අත්දැකීම්වලට මුහුණපායි. එනිසා ඔහුගේ පරිණතභාවය ද වෘද්ධත්වය ලෙස හැඳින්විය හැකි ය. සමාජය විසින් වෘද්ධත්වය හැඳින්වීමට වයස්ගතවීම ම සලකා තිබුණ ද එම ක්‍රියාවලිය වඩාත් පැහැදිලිව හැඳින ගන්නට ලැබෙන්නේ මහළුවියේ දී බැවින් මිනිස් දිවියේ වෘද්ධත්වය හැඳින ගන්නා රටාවන් කිහිපයක් පැහැදිලිව හැඳින ගැනීමට අවකාශ ලැබේ. ඒ අනුව මිනිස් ජීවිතයේ වෘද්ධත්වය සිදුවන අවධීන් ලෙස උක්ත විග්‍රහය හැඳිනගත හැක.
1 ආරම්භක අවධිය - විවාහ දිවියට අවතීර්ණ වීම, අඹුසැමියන් ලෙස ක්‍රියා කිරීමේ අවධිය.
2 දරුවන් ලැබීම - අඹුසැමියන් දෙමාපිය භූමිකාවට පත්වීම හා මාපිය පදවිය ලැබීම.
3      දෙමාපියන් දූ දරුවන් පෝෂණය කිරීම හා රැකබලා ගැනීම, ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීමේ කාල පරිච්ඡේදය.
4 දරුවන් නිසි වයසට එළඹීම හා ඔවුන් ආවාහ විවාහ කරදීම, දරුවන් ස්වාධීනව කටයුතු කිරීමට පටන් ගන්නා අවධිය.
5    සමාජ, දේශපාලන, ආර්ථිකමය වශයෙන් දෙමාපියන් පරිණත වන අවධිය අත්දැකීම් බහුල වීම.
6 මහළු වියට එළඹීම තමාටම කටයුතු නිසි පරිදි කර ගැනීමට නොහැකි වයෝවෘද්ධ තත්ත්වයට පත්වීම.
මෙලෙස  පුද්ගලානුබද්ධව වෘද්ධත්වය සිදු වේ. වෘද්ධත්වයේ ලක්‍ෂණ බොහෝ ලෙස හැඳින ගන්නට ලැබෙන්නේ ශරීරාශ්‍රයෙනි. ශරීර ශක්තිය හීන වී යාම, හිසකෙස් ඉදීම, හම රැළි වැටීම, එයට උදාහරණ වේ.
වෘද්ධභාවය යනු මිනිසාට පමණක් ම ආවේණික ධර්මතාවයක් නොවේ. මෙය ජීව විද්‍යාත්මක සාධකයකි. මිනිසා ජීවිතයේ විවිධ අවධීන් පසු කිරීමේ දී බහුල වූ අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එවන් අත්දැකීම්වලින් පුද්ගලයා පරිණත වීම වෘද්ධත්වයේ එක් අංගයකි. මෙය යමෙක් පුදුමයට පත් කිරීමක් ද නොවන අතර හදිසියේ මුහුණපාන සිදුවීමක් ද කිව නොහැකි ය. මෙය මිනිස් ජීවිතයේ පරිණත තත්ත්වයට පත්වනවාත් සමඟම සිදුවන ක්‍රියාවලියකි.
වෘද්ධත්වය යන්න සරලව සඳහන් කිරීමේ දී විවිධ අවධීන්ට සමීපවීම වෘද්ධත්වය ලෙස හැඳින්විය හැකි ය. මෙය කෙටියෙන් නිර්වචනය කිරීමේ දී මෙලොව උපන් මිනිසා වියපත් වීම හෙවත් වෘද්ධත්වයට පත්වීමයි. මෙය බුදුදහමට අනුව සංඛත ධර්මතාවයකි. බෞද්ධ ශබ්දකෝෂයට අනුව “වෘද්ධ” යනුවෙන් හඳුන්වා ඇත්තේ වයසින් වැඩුණු, වැඩිහිටි, මහළු, රත්න යන්නෙන් ය.  මෙයින් ද ප්‍රතීයමාන වන්නේ ජීවිතයේ විවිධ අවධීන් පසු කරන බව ය. එමෙන්ම අත්දැකීම් වලින් පරිපූර්ණත්වයට පත්වීම ය. මිනිසාගේ ජීවිතය දෙස බැලීමේ දී බාලයන් ලෙස සලකන කොටසක් ද සිටී. බාලයින් ලෙසින් අප සලකනු ලබන්නේ ජීවිත අත්දැකීම් නොලැබූ වෘද්ධත්වයට පත්වූවන්ගේ පිළිසරණ පතන ඔවුන්ගේ සෙවණෙහි හැදෙන වැඩෙන කොටස ය. නිවසේ දී දරුවාගේ වෘද්ධ පුද්ගලයන් වන්නේ දෙමාපියන් ය. පාසැල් දිවියේ දී ගුරුවරුන්ට එම ස්ථානය හිමි වේ. වයසින් හා මනසින් බාල සෑම කෙනෙකුම බාලයින් ලෙස හඳුන්වා දී තිබේ. එය අත්දැකීම් නොලැබූ හෝ අඩු පුද්ගලයන් ය. මිනිසාගේ ජීවිතය කෙලෙස වෘද්ධභාවයට පත්වන්නේද යන්න පිළිබඳව සංස්කෘත ප්‍රත්‍ය ශතකයේ දී වෘද්ධත්වයට පත්වන අයුරු පසක් කරන්නේ “මනුෂ්‍යයන්ට පරමායුෂ අවු:100ක් වන්නේ ය. එයිනිදු භාගයක් රාත්‍රියෙහි ගෙවී යන්නේ ය. එයිනිදු දෙභාගයක් බාල මහළු වයස් වන්නේ ය. අවශේෂ භාගය ද රෝග පීඩා වියෝ දුක් මරණ ආදියෙන් ගෙවී යන්නේය. ”  මෙයින් පැහැදිලි වන්නේ සොබාදහමෙන් නිශ්චය කර ඇති ඉරණමට අනිවාර්යයෙන් ම හිස නැමිය යුතු බව හා වෘද්ධභාවයට පත්වන අප සියලු දෙනා ද මතකයට නංවා ගත යුතු බව ය. මිනිස් දිවිය ගෙවෙන අයුරු හා වෘද්ධභාවයට පත්වන ආකාරය මෙතුළින් වාච්‍යය  කර තිබේ. ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයට අනුව වෘද්ධභාවයට පත්වීම පිළිබඳ ව අර්ථකථනය කරන්නේ වැඩිහිටි, මහළු, විශිෂ්ට, පළපුරුද්ද ඇති, උගත්, ප්‍රවීණ, වයසට ගිය තැනැත්තා, වැඩිමහළු පුද්ගලයා, මනා දැනුම ඇති පුද්ගලයා වශයෙනි.  අප වෘද්ධයින් ලෙස සළකන අය පිළිබඳ ව අපගේ ආකල්පයන්වල යම් වෙනසක් ඇතිවිය යුතු ය. එනම්, මනුෂ්‍යයාගේ වර්ධන ක්‍රියාවලිය ඒකාකාරී ව සිදුවන දෙයක් නොවේ. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. වෘද්ධත්වය යන්නෙන් අදහස් වන්නේ මිනිසා වයෝවෘද්ධ වීමේ ක්‍රියාවලිය හා පරිණත වීමේ ක්‍රියාවලිය බව පැහැදිළි ය. මේ පිළිබඳ අර්ථ විග්‍රහයක යෙදෙන සිංහල ශබ්දකෝෂය වයසින් වැඩී ගිය තැනැත්තා හා ගුණ නුවණින් බුද්ධියෙන් මෙන් ම පළපුරුද්දෙන් වැඩීගිය පුද්ගලයා බව නිර්වචනය කර තිබේ.  එම අර්ථ විග්‍රහයට අනුව ද පැහැදිලි වන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වන ස්වභාවයක් පවතින බවත් සෑම දෙනාම එක සේ එකවිටම එම ස්වභාවයට පත් නොවන බවත් ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවත් ය.
බුදුදහමට අනුව වෘද්ධභාවය කෙසේ අර්ථ නිරූපණය කර තිබෙන්නේ ද යන්න පිළිබඳ ව විමසා බැලීමේ දී කදිම විග්‍රහයක් විශුද්ධි මාර්ගය තුළ දී අපට හමු වේ. මිනිසාගේ පරමායුෂ වසර සියයක් ලෙස සලකා ජීවිතයේ ස්වභාවය දසක කලාපයකට බෙදා විග්‍රහ කරයි.  දසක කලාපය පසුව විග්‍රහ කර දැක්වේ. ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය දෙස බැලීමේ දී වෘද්ධත්වය යන්න  හඳුන්වා ඇත්තේ වෘද්ධයා, වයසට ගිය තැනැත්තා, මහළු පුද්ගලයා, උගතා, දැනමුත්තා, අවුරුදු 80 ක් වූ හස්තියා යනුවෙනි.  මේ කරුණු පිළිබඳ ව අවධාරණය කරන විට අප සියල්ලන්ම එක් එක් ජීවන සැතපුම් කණු වල ස්ථාන ගත වෙමින් සිටින්නවුන් ය. මේ ජීවන සැතපුම් කණුවෙහි කිසිවකු සදාකාලික නොවන්නේ ය. ජීවන ගමන යා යුතු ය. සොබාදහම මේ ගමනට අප යොමු කරයි. මෙය ගමන් කරන මාර්ගයක් වැනි ය. මේ නිසා පුද්ගලයා වෘද්ධභාවයට පත්වූවන් ලෙස සලකන්නේ ය. එසේ සලකන්නේ වෘද්ධ පරපුරේ ජීවන පරමාදර්ශය ඔවුන් සතුව පවත්නා බැවිනි. නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය වෘද්ධත්වය අර්ථකථනය කර ඇති අන්දම දෙස බැලීමේ දී වෘද්ධ, වයස්ගත, වැඩිමහල්, වැඩිහිටි, මහළු, පැරණි, පෞරාණික, චිරාගත වශයෙන් හඳුන්වා දී තිබේ.  පරිණත දැනුමෙන් හා ගුණ නුවණින් පිරිපුන් දූරදර්ශී ඥානයක් ඇත්තේ වෘද්ධ පුද්ගලයන්ට බව මෙයින් විද්‍යමාන වේ. පාලි සිංහල අකාරාදිය දෙස බැලීමේ දී වෘද්ධත්වය ප්‍රතීයමාන කරනු ලබන්නේ වුද්ධකර, වඩා මහළු, වඩා වයස්ගත වශයෙන් ය.  ද සිල්වාගේ ජනගහන පේක්‍ෂණයන්ට අනුව 2037 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 21.9% ක් වයස්ගත වයස් කාණ්ඩයට ඇතුළත් වන බව ශ්‍රී ලංකාවේ සඵලතාවය වෙනස්වීම දක්වන වගුවට අනුව ස්ත්‍රියක් සිය ජීවිත කාලය තුළ සපිරි වර්තමාන වයස් විශේෂිත සඵලතා අනුපාතයෙන් ෑං්ජඑ ක්‍මරරුබඑ ්ටැල ීචැජසසෙජ එරමඑය කසඑහක අත්දකිනු ලබන්නේ නම් ඇය ලබන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාව මුළු සඵලතා අනුපාතය ඔදඒක ත්‍ැරඑසකසඑහ ඍ්එැ ඔත්‍ඍෂ ලෙස නිර්වචනය කෙරෙයි.  ශ්‍රී ලංකාව තුළ වෘද්ධත්වය හැඳින්වීමට නිශ්චිත නිර්වචනයක් නොමැත. එහෙත් දළ වශයෙන් අවුරුදු 60ක් සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ ජනගහන ප්‍රතිශතය වර්ධනය වෙමින් ඇතිවිට ජනගහනය වියපත් වන බව පැවසේ.  පරිණත දැනුමෙන් හා ගුණ නුවණින් පිරිපුන් අත්දැකීම් සම්භාරයකට උරුමකම් කියන වෘද්ධත්වයට පත්වූවන් දිගු ගමනක් ගෙවා පැමිණීමත් සමඟම දූරදර්ශී ඥානයන්ගෙන් යුක්තවූන් පරපුරෙන් පරපුරට එවන් අත්දැකීම් දායාද කරමින් සමාජයේ  යහපැවැත්මට දායක වන්නන් වශයෙන් වෘද්ධත්වයට පත්වූවන් හැඳින්විය හැක. මෙම අර්ථ විග්‍රහයන් තුළින් අපට වාච්‍ය වන්නේ උක්ත සංකල්පයන් බව පැහැදිළි ය.

1.2 වෘද්ධභාවය පිළිබඳ නිර්වචන
ඉංග්‍රීසි භාෂාවෙන් වෘද්ධ පුද්ගලයා හඳුන්වා ඇත්තේ ෑකාැර යනුවෙනි. මෙතුළින් තරමක් සංකීර්ණ අර්ථයක් ගන්නා බව පැහැදිලි ය. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය වෘද්ධත්වය නිර්වචනය කර ඇත්තේ ධකා යනුවෙනි. මෙයින් ද පැහැදිලි වන්නේ පැරණි, මහළු, ගෙවුණු, දුබල, පරිණත, හැවිරිදි වයසට සම්බන්ධය  යන අර්ථ යි.  සමාජ විද්‍යාත්මකව මේ පිළිබඳ කර ඇති විග්‍රහයන් දෙස බැලීමේ දී වෘද්ධත්වය යන්නෙන් හඳුන්වනු ලබන්නේ “මානව සමූහයන් හි සමාජ හා ජන විද්‍යාත්මක ව්‍යුහය සමග සම්බන්ධ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ජීවන චක්‍රයෙහි එක් අවධියක් බව සමාජ විද්‍යා විශ්වකෝෂය වෘද්ධත්වය පිළිබඳ ව කර ඇති විග්‍රහයෙන් පැහැදිලි ය.”  ආර්ථික විද්‍යාඥයන්ගේ මතය අනුව වෘද්ධත්වයට පත්වීමේ ක්‍රියාවලිය යනු ඵලදායී ලෙස ශ්‍රමය සැපයීමට නොහැකි වීම, පුද්ගලයා ස්වාභාවිකව ශාරීරික අංගයන්ගේ දුර්වල තත්ත්වයට පත්වීම වෘද්ධත්වය යන්නෙන් අදහස් ය.  මිනිසුන් තුළ පවතින අත්දැකීම් මෙන් ම කුසලතාවයන් හා පරිණතභාවය සුළුපටු නොවේ. මිනිසාගේ වෘද්ධත්වය යනු වයසින් ම සීමාකළ නොහැකි දෙයකි.
ඇමරිකාවේ පෙන්සිල්වේනියා (ඡැබබිහකඩ්බස්) විශ්වවිද්‍යාලය වෘද්ධත්වයට පත්වූවන් පිළිබඳ කර ඇති විග්‍රහය දෙස බැලීමේදී “වයෝවෘද්ධ විද්‍යාව යනු වයස්ගත වූවන් හා ඔවුන්ගේ දිගුකාලීන ජීවන ක්‍රියාවලිය ඇසුරින් පුද්ගලයා හා පරිසරය අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවයන් පිළිබඳ ව කරනු ලබන අධ්‍යයනයකි”  යනුවෙන් දක්වා ඇත. වෘද්ධභාවය සම්බන්ධයෙන් ඔස්කාර් ලොවිස් විසින් (ධිජ්ර ඛදඩසි), ටෙලොද්ටගාක් (ඔැචදිඒක්බි) නම් මෙක්සිකානු ගම පිළිබඳ කළ අධ්‍යයනයේ දී “මිනිසා මහළු අයෙක් ලෙස සලකන්නේ වයස්ගතවීම නිසා ඇතිවන කායික දුර්වලතා හේතු කොටගෙන සිය චාරිත්‍රමය වැඩ කොටස තව දුරටත් කරගෙන යා නොහැකි  විට දී බව යි.”  පේරම්ටන්ස් (ඡැර්පඒබි) සිය “ධකා ්බා බදබැ” කෘතිය තුළින් මීට සමාන නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ. එහි දී  සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි හා කායික මානසික හැකියාවන් ඇති අය ද එසේ ම ඊට වඩා අඩු වයසේ දී නියම මහල්ලන් බවට පත්වූවන් ද යන අය අතර මේ වෙනස පවතින බව ය.” මේ අදහසට අනුව මහලු මිනිසුන් වශයෙන් හඳුන්වනු ලබන්නේ අවුරුදු 65 හා ඊට වැඩි අය යි.  මෙම වයස බි්‍රතාන්‍යයේ රැකියාවලින් විශ්‍රාම ගන්නා සහ විශ්‍රාම වැටුප ලබා ගන්නා කාලය යි.  වෘද්ධභාවය පිළිබඳ මනෝ විද්‍යාඥයන් දක්වනු ලබන අදහස් පිළිබඳ ව විමසා බැලීම වැදගත් වේ.  පියාජේ නමැති (ඡසහ්වැ) මනෝ විද්‍යාඥයා දක්වන අදහස වන්නේ වයස්ගත වීම නිසා පෞරුෂයේ අසාමාන්‍ය හැසිරීමක් සිදුවන බව යි.  සඵලතාවයේ (ාටෙ) සහ මරණ ප්‍රමාණයෙන් (ඵදරඒකසඑහ* ඇතිවන වෙනස්කම් මගින් ජනගහනය වියපත් වීමට මග සලසන ආකාරය ප්‍රජාවිද්‍යා සංක්‍රාන්ති න්‍යාය (ෘැපදටර්චයසජ ඔර්බිසඑසදබ ඔයැදරහ* මගින් පෙන්වා දෙයි.  ස්ත්‍රියක් ඇයගේ සඵලතා (දරුඵල ඇති) කාලය තුළ දරුවන් බිහි කරයි නම් ඇයට දරුවන් ලැබෙන වේගය අනුව ඇයට ලැබිය හැකි දරුවන් සංඛ්‍යාව සඵලතාවය ලෙස ප්‍රජා විද්‍යාව මගින් අර්ථ නිරූපණය කරයි.  වියපත්වීම වයස්ගත වීම නොහොත් වෘද්ධභාවය ඇරඹෙන්නේ කුමන අවධියක දී ද යන්න පිළිබඳ ව විමසා බැලීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට “වයස අවුරුදු 44 සහ ඊට අඩු වයස වෘද්ධත්වයට පත් වූ තරුණයෝය.  අවුරුදු 45-59 අතර අය මැදි වයසේ වෘද්ධත්වයට පත් වූවෝය.  අවුරුදු 60-89 අතර අය වෘද්ධ මහල්ලෝ ය”  වෘද්ධභාවය පිළිබඳ ව සැලකූ විට වයස්ගත පුද්ගලයන් ගෞරවණීය ලෙස සැලකීමේ ස්වභාවයක් දක්නට ලැබේ. මෙය බහුලව දැකිය හැකි වන්නේ ආසියාතික රටවල්වල ය.  ප්‍රංශ ජනතාව අදහන ජීවිතයේ තෙවන විය හෙවත් වෘද්ධ අවධිය වයස අවුරුදු 65 දී ඇරඹෙතැයි ජනගහනවේදීහු කල්පනා කරති.  එය “දෙසැම්බර් වයස” ලෙස ඇමෙරිකානුවෝ හඳුන්වති.  සමාජවාදී රටවල් මෙවැනි අය තරුණ වෘද්ධයන් ලෙස ද මොස්කව් වැසියන් “වයසක දරුවන්” ලෙස ද හඳුන්වයි. ඕස්ටේ්‍රලියාවේ ඇන්ටාවරුන් අවුරුදු 50ක් ගත වූ පුද්ගලයකු මහල්ලෙක් ලෙස සැලකූ අතර පිලිපීනයේ ඉගරට්වරු අවුරුදු 45ක පුද්ගලයකු මහල්ලකු ලෙස සලකති. දකුණු අප්‍රිකාවේ බුෂ්මන්වරු සහ උතුරු ඇමරිකාවේ ක්‍රිස් ගෝත්‍රිකයන් පුද්ගලයා වෘද්ධත්වයකු ලෙස සලකන ලද්දේ ඔහුගේ දරුවන්ගේ හිස කෙස් සුදු වූ විට දී ය.
සමාජයේ වෘද්ධ පුද්ගලයන්ගේ ජීවන රටාව පිළිබඳ ව හා එහි බලපෑම් පිළිබඳ ව සේවාවන් පවත්වාගෙන යාම, අධ්‍යයනය කිරීම, පුහුණු කිරීම, පර්යේෂණ කිරීම වැනි දෑ නූතනය වන විට සිදු කිරීමට යොමු වී තිබේ.  වෘද්ධත්වයට පත්වූවන්ගේ කාලීන අවශ්‍යතාවයන් පදනම් කර ගෙන අධ්‍යයනය කිරීම මෙහි දී සිදු කෙරේ.  මේ අනුව වෘද්ධ විද්‍යාව (ඨැරදබඑදකදටහ* (ජෙරොන්ටලොජි) වශයෙන් විෂය ක්ෂේත්‍රයක් බිහි වී තිබේ.
..ඨැරදබ ූ කැටදි ු ඨැරදබඑදකදටහ වියපත් මිනිසා ූ අධ්‍යයනය ු වෘද්ධ විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ.   වියපත් වීමේ ක්‍රියාවලිය පුද්ගලානුබද්ධව සිදුවන්නකි.  ලොව පුරා විද්‍යමාන වන මෙම තත්ත්වය විවිධ දාර්ශනික හා විද්වතුන්ගේ අවධානයට ලක්ව ඇත.  පැරණි ග්‍රීක දාර්ශනිකයකු වන හෙරක්ලීටස් ඉදිරිපත් කරන අදහසට අනුව පුද්ගලයා වෘද්ධභාවයට පත්වන ආකාරය පෙන්වා දී තිබේ.  මෙම තත්ත්වය නොවැළැක්විය හැකි ක්‍රියාවලියකි. මේ නිසා වෘද්ධභාවය පිලබිඳ ගැඹුරින් අධ්‍යයනය කළ යුතු පුළුල් පරාසයකින් සම්පිණ්ඩනය වූ විෂය ක්ෂේත්‍රයක් වන බැවින්  මේ පිළිබඳ අධ්‍යයනය කිරීම වැදගත් වේ.  වර්තමානය වන විට මේ පිළිබඳ ව අධ්‍යනයට විශේෂ අවධානයක් යොමු වී ඇති බව පැහැදිලි ය.

1.3 වෘද්ධභාවය පිළිබඳ වයස් සීමාව
“වෘද්ධත්වය” නොවැළැක්විය හැකි ක්‍රියාවලියක් වශයෙන් පෙර දී සාකච්ඡා කළෙමු. පුද්ගලයා වෘද්ධත්වයට පත්වීමේ ක්‍රියාවලිය ජීවන චක්‍රයේ එක්තරා අවස්ථාවක් බැවින් මෙය සෑම සත්ත්වයෙකුට ම මුහුණ පෑමට සිදුවන සංසිද්ධියක් බැවින් එක් ජන කණ්ඩායමකට හෝ එක කාලයකට, යම් ප්‍රදේශයකට, යම් රටකට ආවේණික වූ දෙයක් නොව එය පොදු සැමට බලපාන කාරණාවකි. වෘද්ධභාවය  ගැන එක එළඹුමක් මඟින් පමණක් අවබෝධයක් ලබා ගැනීම අපහසු ය. විවිධ පැතිකඩ ඔස්සේ අධ්‍යයනය කිරීමෙන් ඒ පිළිබඳ හැඳිනගත යුතු වේ. මෙය පුළුල් පරාසයක සම්පිණ්ඩනය වූ විෂය ක්ෂේත්‍රයක් බැවිනි.
බ්‍රාහ්මණ සමාජයේ බෙදීම් දෙස බැලීමේ දී වෘද්ධ තත්ත්වයේ අවස්ථාවන් මෙලෙස නිරූපණය කර තිබේ. වෘද්ධභාවයට පත්වන අවස්ථාවක් වශයෙන් ඔවුන් සළකනු ලබන්නේ
1 බ්‍රහ්මචාරී වයස 0-15 අතර
2 ගෘහස්ථ වයස 15-44 අතර
3 වානප්‍රස්ථ වයස 45-60 අතර
4     සන්‍යාසී වයස 60 සිට මරණය දක්වා අතර කාලය වශයෙනි.
බ්‍රාහ්මණ සමාජය තුළ බ්‍රහ්මචාරී අවධිය වන්නේ ළමා කාලයයි. ළමා කාලය තුළ දී මාපිය රැකවරණය මැද හා ගුරුවරුන්ගේ සමීපය තුළ හිඳිමින් ලබන අධ්‍යාපනය තුළින් යම් දැනුමක් ජීවිතයට එකතු කර ගන්නා අවස්ථාව මෙය වේ. ගෘහ ජීවිතය ගෙවන පංචකාම වස්තූන් භුක්ති විඳිමින් ඉන්ද්‍රියන් පිනවමින් ක්‍රියා කරන තරුණ අවධියකට එළඹ ජීවිතය නව මඟකට යොමු වන කාල පරාසය තරුණ වෘද්ධත්වය වශයෙන් ඔවුන් හඳුන්වා දී තිබේ. ගෘහ ජීවිතයට සමු දී වානප්‍රස්ථ අවස්ථාව අර්ථ වශයෙන් ආගමික කටයුතුවල නියැලි ක්‍රියා කරන ලබන අවධිය යි. සන්‍යාසී අවස්ථාව වශයෙන් සළකන්නේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන අවධිය හෙවත් තවුසන් ලෙස ජීවිතය ගෙවන අතර සම්පූර්ණයෙන්ම ආගමික දිවියක් ගත කරන වයස් සීමාව ලෙස ප්‍රතියමාන වේ.
“ලෝක ජනගහන සම්මේලනය විසින් වෘද්ධභාවය තීරණය කරනු ලබන වයස් සීමාව ලෙස සම්මත කොටගෙන අත්තේ ද වයස අවුරුදු 60 සීමාවයි. වර්තමානයේ පොදු පිළිගැනීම වනුයේ ද වෘද්ධභාවය වයස අවුරුදු 60 දී ඇරඹෙන බවයි. අවුරුදු 60-74 ත් අතර කාලය වෘද්ධ(තරුණ වැඩිහිටි) ලෙසත් 75 ට වැඩි වයෝවෘද්ධ ලෙසත් හඳුන්වනු ලැබේ.”  නූතනයේ සංවර්ධන මනෝවිද්‍යාඥයන් ද වෘද්ධභාවයේ වයස් සීමාවන් පවතින බව පෙන්වා දී තිබේ. ඔවුන්ගේ විග්‍රහයන් දෙස විමසා බැලීමේ දී වෘද්ධභාවය අවධීන් තුනකින් යුක්ත බව පෙන්වා දෙයි. ඒ අනුව,
1 මුල් වැඩිහිටි විය - වසය 20-30 දශක
2 මධ්‍යම වැඩිහිටි විය - වයස 40-50 දශක
3 පශ්චාත් වැඩිහිටිවිය - වයස 60 සිට මරණය තෙක්
1971 ශ්‍රී ලංකාවේ ජනගහණය පිළිබඳ ව ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව වෘද්ධත්වයට පත්වන වයස් සීමා මෙලෙස ඉදිරිපත් කර තිබේ.
1       ළමා වෘද්ධවිය - අවු.1-14 දක්වා පරාසය
2       මැදිවිය හෙවත් තරුණ වෘද්ධවිය - අවු.15-59 දක්වා පරාසය
3 වයෝවෘද්ධත්වය අවු.60-65 දක්වා පරාසය
යනුවෙනි.  මේ පරිද්දෙන් මිනුම් දණ්ඩක් වශයෙන් විවිධ කාල පරාසයන්ට බෙදා දක්වමින් ඔවුන්ගේ පරිණතභාවය අනුව ප්‍රභේද ගත කර තිබේ.  තවත් වෘද්ධතත්ත්වයේ වර්ගීකරණයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ වැඩිහිටියන් අවු.60-74 වයස්වල පසුවන්නන් වයවෘද්ධ වශයෙන් නම් කර ඇත.   පිලිපීනයේ ඊදබඑනසටදර්එ  නම් වූ ගෝත්‍රිකයින් අතර වයස්ගත වූවන් ලෙස සලකන්නේ වයස අවු.30 වැනි වියේදී පමණ ය.   සමස්තයක් ලෙස කරුණු ගෙන බලන කල්හි පෙනී යන්නේ විශ්‍රාම ගොස් වසර 15ක් හෝ වසර 20ක් ගෙවා පසුවෙන පුද්ගලයන් වෘද්ධත්වයේ ඉහළ ම තත්ත්වයට පැමිණි පිරිසක් වශයෙන් සැලකීම යුක්ති යුක්ත බව යි.  මේ තුළින් පැහැදිලි වන්නේ වෘද්ධ භාවයට පත් වූ පුද්ගලයා සමාජ ජීවිතයට ප්‍රාණ වායුවක් වශයෙන් ය.  ඔවුන්ගේ අද්දැකීම් ප්‍රදීපස්තම්භය පුනරාලෝකවත් කිරීමට මහඟු පිටුවහලක් වන බැවින් ය.
බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ව විමසා බලන කල්හි පුද්ගල චර්යාවේ සංවර්ධනය විය යුතු අවස්ථා හෙවත් වෘද්ධත්වයේ වයස් සීමාවන් වශයෙන් යාම 03ක් පිළිබඳ ව උගන්වා තිබේ.
1 ළමා අවධිය
2 තරුණ අවධිය
3      වෘද්ධ අවධිය
කාල තුනෙන් ඒ ඒ කාලවල දී මිනිසා ක්‍රමයෙන් වෘද්ධත්වයට පත්වන අන්දම ධම්මපදයේ අත්ත වග්ගයෙන් ඒ බව ශෝභාමත් විය.   ළමා වෘද්ධ කාලය වශයෙන් හඳුන්වන්නේ.  දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලබන අධ්‍යාපනය තුළින් ආකල්පමය වෙනසක් ඇති වී ජීවිතයට යම් යම් අත්දැකීම් එකතු කර ගන්නා අවධිය ලෙස ළමා වෘද්ධත්වය හැඳින්විය හැකි ය.  තරුණ පුද්ගලයන් තුළ පවතින ගුණාංග අතර සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස කායික ජවසම්පන්න භාවය හා විවිධ ක්‍ෂේත්‍රයන්හි ඔවුන් දක්වන දැනුම් සම්භාරය, ජීවන රටාවේ තීරණ ගැනීමේ ස්වාධීනත්වය වැනි අංගයන්ගෙන් පරිපූර්ණ තත්ත්වයට පත්වීම තරුණ වෘද්ධභාවයේ ලක්‍ෂණයන් ය.  මහළු වෘද්ධභාවයේ කැපීපෙනෙන විශේෂත්වය වන්නේ පරිඥත දැනුමින් පරිපූර්ණත්වයට පත්වීම යි.  විශුද්ධි මාර්ගයේ පුද්ගලයාගේ ජීවිතය විවිධ වයස් කාණ්ඩයන්ට බෙදා විග්‍රහ කර තිබේ.  මෙලොව උපන් මිනිසාට පරම ආයුෂ වන්නේ වසර සියයක් බවත් එම කාලය දසක කලාපයකට බෙදා දක්වායි.  පුද්ගලයා ක්‍රමිකව විවිධ අවධීන් පසු කරමින් වෘද්ධත්වයට පත්වෙන අයුරු මේ තුළින් පැහැදිලි වේ.
මන්දදසක - වයස අවු.01 සිට අවු.10 දක්වා කිරි කැටි බිළිඳෙකු සේ ක්‍රියා කිරීමේ අවධිය.
ඛිඞ්ඪා දසක - වයස අවු.10 සිට 20 දක්වා ළමයෙකු ක්‍රීඩාවේ නියැලී ගමන් කරන අවධිය.
වණ්ණ දසකය - වයස අවු.20 සිට අවු.30 දක්වා කය පිළිබඳ වඩ වඩාත් සැළකීමක් දක්වන කාල පරාසය යි.
බල දසක - වයස අවු.30 සිට අවු.40 දක්වා කායික ශක්තිය ඉහළම පවතින අවධිය යි.
පඤ්ඤා දසක - වයස අවු.40 සිට අවු.50 දක්වා ඉතා බුද්ධි ගෝචර ප්‍රඥාවෙන් යුතු ව ක්‍රියා කරන අවධිය යි.
හායන දසක - වයස අවු.50 සිට අවු.60 දක්වා කායික පරිහානිය හෙවත් කයෙහි දිරායාම සිදුවීමට පටන් ගන්නා අවධිය.
පබ්භාර දසකය - වයස අවු.60 සිට අවු.70 දක්වා කයෙහි දිරායාම වඩාත් පැහැදිලි ව හැඳින ගන්නා අවධිය.
පව`ඞක දසක - වයස අවු.70 සිට අවු.80 දක්වා ශරීරය වකුටු වීමට පටන් ගන්නා අවධිය.
මොමූහ දසකය - වයස අවු.80 සිට අවු.90 දක්වා ශරීර ශක්තිය සම්පූර්ණයෙන් හීන වීම, සිහි කල්පනාව අඩු වෙන අවධිය.
සයන දසකය - වයස අවු.90 සිට අවු.100 දක්වා වැඩි වශයෙන් සහනයේ වෙසෙන අවධිය.
විශුද්ධි මාර්ගාගත ඉගැන්වීම්වලට අනුව පුද්ගලයා විවිධ වයස් සීමා ගෙවන බව පැහැදිළි ය.  ළමා කාලය ලෙස බොළඳ විය ඉක්මවා කෙළි වියට පැමිණීම දක්වා පරාසය ළමා අවධිය යි.  විවිධ අත්දැකීම් සමාජය මගින් මේ කාලයේ දී ජීවිතයට එකතු කර ගන්නා කාල පරාසය යි.  අවු. 20 සිට අවු.40 දක්වා පරාසය තරුණ අවධිය වශයෙන් ශරීර ශක්තියහි වර්ධනය පවතින කාලය පුද්ගලයෙකුගේ වෘද්ධත්වයේ දෘෂ්‍යමාන වන පළමු අවධිය ලෙස හයන දසකය පෙන්වා දිය හැකිය.  මේ කාල පරිච්ඡේදය තුළ කායික වැහැරීම් වශයෙන් ශරීරයේ යම් යම් වෙනස් වීම් සිදු වේ.  වෘද්ධ භාවයේ ඊළඟ පියවර වන්නේ පුද්ගලයෙකුගේ කය ක්‍රමයෙන් විනාශ වන හෙවත් වෙනස් වීම්වලට ලක්වෙන කාලය ලෙස පෙන්වා දිය හැකිය.  පවධක දසක අවදියේ දී ශරීරයේ සෘජු භාවය පහව ගොස් වත් හෙවත් නැමී පවතින තත්ත්වයට මෙන් ම ශරීරය විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීමත් කායික වේදනාවන් හටගන්නා අවධිය වශයෙන් වාච්‍යවේ.  මානසික අඩපණ වීම හෙවත් සිත අවුල්කරන මානසික ශක්තිය පහව යන අවධිය මොමුහ දසකයේ දී ය.  පුද්ගලයාට ඇවිදීමට පවා අපහසු වී එක්තැන්ව වාසය කිරීමට සිදු වන අවධිය අන් අයගෙන් උපකාරයක් නොමැති ව කිසිවක් කර ගත නොහැකි සෞඛ්‍ය තත්ත්වය සම්පූර්ණයෙන් පිරිහෙන එක්තැන් වී සිටිනුයේ සයන අවධිය තුළ දී ය.  ඒ අනුව සෑම ජන සමාජයක ම විවිධ වයස් සීමාවලින් හෙබි වෘද්ධත්වයට පත් පුද්ගලයන් දැක ගත හැකි ය.  වෘද්ධ හා වයෝවෘද්ධ අවධියේ දී පුද්ගලයන් අද්දැකීම් සම්භාරය අතිශයින් ම වැදගත් ය.  මිනිසාගේ වෘද්ධත්වය යථාර්ථවත් ව මුහුණ පෑමට සිදු වන දෙයක් හෙයින් ඔවුන් තපෝවෘද්ධ, ගුණවෘද්ධ, නැණවෘද්ධ, වයෝවෘද්ධ යන කොටස්වලට බෙදා දක්වන බැවින් ලාබාල භික්‍ෂුවකට වුවද දක්වන ආකල්පය වන්නේ වැඩිහිටියෙකුට දක්වන ගෞරවයයි.  මෙය වයසින් මුහුකුරා නොගිය ද තපස් ගුණයෙන් හා ගුණවෘද්ධ භාවයෙන් මුහුකුරා යෑම හෙයින් සාධු ගුණ ධර්ම පද්ධතියකින් සමන්විත බැවින් එසේ වෘද්ධ පටිපාටියෙන් ගරුබුහුමන් කිරීම සිදු කරනු ලැබේ.
1.4. වෘද්ධභාවය පිළිබඳ සමාජ දෘෂ්ඨිය
වෘද්ධභාවය පිළිබඳ ව පවතින සාම්ප්‍රදායික ආකල්ප මොනවාද යන්න විමසා බැලීමේ දී සමාජය, සංස්කෘතිමය හා වෙනත් ආගමික සමාජ දෘෂ්ඨීන් පිළිබඳ ව විමසා බැලීම වැදගත් වේ.  ශ්‍රී ලාංකික සමාජය දෙස බැලීමේ දී වෘද්ධභාවයට පත්වූවන් ලෙස ඉතා ඉහළ මට්ටමින් සැලකීමට භාජනය වී තිබූ බව පැහැදිළි ය.  එනම් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වීම බුදු දහමට අනුව ආගමික පරිසරයට ජීවිතය ගෙන යාම හේතුවෙන් පවුල් පරිසරය තුළ වැඩිහිටියන් රැකබලා ගනිමින් ඔවුනට නිසි ගෞරවය ලැබූ බවට සාක්ෂ්‍ය එමට ය.  එලෙස අතීත සමාජය තුළ මිනිසා සතුව පැවති ශ්‍රේෂ්ඨ සාරධර්ම පද්ධතිය මානවයාගේ ජීවිතය හා සම්බන්ධ වීම තුළින් මනුෂ්‍යත්වය තුළ පැවති වෙන් කළ නොහැකි උතුම් ගුණාංගයක් ලෙස පැවතුණකි.
අතීතයේ එලෙස වෘද්ධභාවයට පත්වූවන්ට ගරු සත්කාර ලැබුණ ද මහනුවර යුගය වන විට ලක්දිව වැඩිහිටි හෙවත් වෘද්ධභාවයට පත්වූවන් ලෙස සමාජය දක්වා ඇති ආකල්පය දෙස බැලීමේ දී රොබට් නොක්ස් එදා හෙළදිව නමැති ගන්ථයෙන් මෙසේ ප්‍රකාශ කරයි.  “උදෑසන අවදිවන විට හෝ හා පුරා කියා ගමනක් යන කොට හෝ පළමු කොට ම දක්නට ලැබෙන අය ගැන පෙරමග හමුවන අය ගැන බලවත් හැඟීමක් ඔවුන් තුළ ඇත්තේ ය.  සුදු මිනිසෙකු හෝ ගැබිණි මාතාවක දැකීම සුභ ලක්‍ෂණයක් යැයි ද මහල්ලකු දැකීම අශුභ ලක්‍ෂණයක් යැයි ද ඔවුහු සලකන්නා හ.”  මහනුවර යුගය වන විට වෘද්ධත්වයට පත් වූ තැනැත්තන් දෙස එලෙස බලන්නට ඇත්තේ බුදු දහම පරිහාණියට පත්ව පැවති යුගයක් හෙයින් විය හැකිය.  නොඑසේ නම් ලාංකික ජන සමාජය තුළ විවිධ විශ්වාස සම්ප්‍රදායයන්, මිත්‍යා මත සමග මිනිස් ජීවිතය සැකසී පැවති බැවින් විය හැක.  එනිසා ගෞරව ආකල්පයකින් වෘද්ධත්වයට පත්වූවන් දෙස බැලීමට උත්සාහ දරා තිබේ.  එසේ ලාංකික සමාජය තුළ වැඩිහිටියන් රැකබලා ගැනීම දරුවන්ගේ යුතුකමක් ලෙස අතීතයේ සිට සලකන්නට යෙදුණේ උතුම් ක්‍රියාවක් ලෙස ය.  ආගමානුකූල ජන සමාජයක බොහෝ සෙයින් අනාගත පෙරගමන්කරුවන් ලෙස සලකා වයෝවෘද්ධත්වයට පත්වූවන්ට නිසි සැලකිලි, සත්කාර, සම්මාන, පුද කරමින් සෑම අවස්ථාවක දී ඔවුන්ගේ අනුහාසනයන් ජීවිතයට ඒකාබද්ධ කරමින් ජිවන රටාව ගෙන ගිය සමාජ පරිසරයක් දැක ගන්නට හැකි විය.  කෙත්වතු හා සම්බන්ධ චාරිත්‍රවල දී මඟුල, අවමඟුල ආගමික වතාවත් හා උත්සවයක දී වෘද්ධත්වයට පත්වූවන් සම්පතක් සේ සලකා ඔවුහු අභිබවා ගියහ.  එලෙස ඔවුන් අභිබවා යෑම සමාජ දෘෂ්ඨිය තුළින් සලකන්නට යෙදුණේ අගෞරවයක් ලෙසට ය.  ලක්දිව වෘද්ධ පුද්ගලයින්ට පැවති සමාජ තත්ත්වය පිළිබඳ අවධාරණය කිරීමේ දී ශුභ කටයුත්තක වැඩිහිටියන් තෝරා ගැනීම ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබා ගැනීම උසස් සංස්කෘතියක් අනුගමනය කරන පිරිසක් සේ අගය කොට තිබේ.  පෙර සම්ප්‍රදායික සමාජ සංස්කෘතිය තුළ වෘද්ධ පුද්ගලයා මහත් අභිමානියව සැලකුව ද නූතනයේ බොහෝ ව්‍යසනයන්ට මෙම පුද්ගලයා ලක් ව ඇති අන්දම කණගාටුදායක ය.
නිර්මාණවාදී ආගමික දෘෂ්ටීන් දෙස බැලීමේ දී කිතුණු දහම තුළ වෘද්ධ පුද්ගල දෙමාපියන් හට සංග්‍රහ කරන ලෙස දස පනතේ දී සඳහන් කර තිබේ.  ඔබ මුළු සිතින් ම පියාට ගෞරව කරන ලෙසත් මව් විදි ප්‍රසව වේදනාව කිසි දිනක අමතක නොකරන ලෙසත් පැහැදිළි කර තිබේ.  මෙයින් ගම්‍යමාන වන්නේ වැඩිහිටියන් හට ගරු බුහුමන් දැක්වීම අගය කළ යුතු දෙයක් බව ය.  මෙවැනි උත්සාහයන් මඟින් පෙනී යන්නේ තම ජීවිතය කෙලෙස සකස් කරගත යුතු ද යන්න ය.  වෘද්ධ තත්ත්වයට පත්වූවන්ට ගරු කිරීම මහඟු ගුණ ධර්මයක් බවත් එය ඉටු කිරීම වැදගත් ගති ලක්‍ෂණයක් වශයෙන් ගම්‍ය කර තිබේ.
ඉස්ලාම් දහම පිළිබඳ කතා කිරීමේහි දී දෙමාපියන්ට සැළකීම උත්තරීතර මිනිස්කමක් බව ශුද්ධ වූ කුරාණයේ සඳහන් වේ.  දූදරුවන් විසින් වෘද්ධත්වයට පත්වූවන් සඳහා කළ යුතු යුතුකම් ඇත.  ඔවුන් විසින් වෘද්ධපාචනයට පත්වන දෙමාපියන්ට “සුරා බහී ඉස්ණ ඊල් 231 වන වාක්‍යයෙන් දෙමාපියන්ට දයාබර මව් ඔවුන් දෙදෙනාගෙන් එක් කෙනෙක් හෝ දෙදෙනාම මහළු වියට පත්වුවහොත් ඔවුන් සඳහා උන් නොකියව.  වියපත් වූ ඔවුනට දුර්මුඛ නොවන ලෙසත් ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරන ලෙස පවසා තිබේ.  අල්ලා හැරුණු විට සියලු වැඩිහිටි වෘද්ධ පුද්ගලයන්ට ගරු බුහුමන් කළ යුතු බව පෙන්වා දී තිබේ.
හින්දු ආගම දෙස බැලීමේ දී වෘද්ධභාවයට පත්වූ පිරිසට ගෞරවාන්විත තැනක් ලබා දී තිබේ.  ඔවුන් එබඳු පිරිස මහා බ්‍රහ්මයා ලෙස මුළු ලොවම තම හස්තය මත රඳවා සිටින්නා වූ මහි කාන්තාව වශයෙන් උසස් තැන්හිලා සලකා තිබේ.
බුදු දහමට අනුව ජාතියෙන් ආරම්භ වී ජරාව හෙවත් දිරාපත්වීම, ජරාවේ දෘශ්‍යමාන අවධිය වෘද්ධභාවය යි.  යම් සත්ත්වයෙකුගේ යම් දිරීමක්, දිරන ස්වරූපයක්, කැඩුණු බවක් හෝ පලිත ඇති බවක් මෙන් ම ශරීරයෙහි රැළි වැටුණු බවක් ආයුෂ පිරිහීමක්, ඉඳුරන් පිනවීමට නොහැකි බවක් වේ නම්  එය වෘද්ධත්වයේ ලක්‍ෂණයන් ලෙස බුදුදහමේ හඳුන්වා දී තිබේ.  බුදුසමය තුළ හඳුන්වා දී ඇත්තේ යහපත් ආකල්පයකින් වෘද්ධත්වයට පත්වූවන් දෙස බලන ලෙස ය.  “වෘද්ධ” යන විශේෂ අර්ථයකින් යෙදෙන බව ව්‍යග්ගපච්ච සූත්‍රයේ දක්වා ඇති අන්දමට දහරොවා වුද්දසීලි වුද්දොචා වුද්දසිලි”  පාඨයෙන් පැහැදිළි වේ.  දහරෝවා වුද්දසීලි යන්නෙන් අදහස් කරන්නේ තරුණ වුව ද ශික්‍ෂණයකින් හා මනා දැනුමකින් යුක්තය යන්න ය.  වුද්දොවා වුද්දසීලි යන්නෙන් අදහස් වන්නේ වියපත් වුවද ශික්‍ෂණයකින් හා දැනුමකින් යුක්ත යන්නය.  වැඩිහිටියා මනා ශික්‍ෂණයකින් යුතුව සමාජයට මුහුන දිය යුතු බවත් නූතන සමාජයේ උඩු යටිකුරු වී දරුවන් තුළ මෙන් ම වැඩිහිටියන් තුළ පැවැති අදහස් උදහස් වෙනස් වී තිබේ.  දරුවකු උපන් ගමන් දිවි තොර කර දමන අවස්ථා ද තවත් විටෙක දරුවන් විසින් වෘද්ධ භාවයට පත්වූවන්ගේ දිවි තොර කර අවස්ථා ද දැක තිබේ.
බෞද්ධ ඉගැන්වීම් තව දුරටත් විමසා බැලීමේ දී මිනිස්බවේ දියුණුවත්, වෘද්ධියත්, නැගී සිටීමත් මෙන් ම මිනිසා ගුණයෙන්, නුවණින් ශික්‍ෂණයෙන් දියුණුවීම යථාර්ථවත් වැඩිහිටිබවේ ලක්‍ෂණයක් වශයෙන් වෘද්ධ සාමාජිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම, අන් අයගේ සහය ඔවුන්ට අවශ්‍ය බව මෙන් ම සැලකීම උතුම් සාරධර්මයක් ලෙස පෙන්වා දී තිබේ.
වෘද්ධත්වය පිදීමේ උතුම් ගුණය පිළිබඳ දක්වා ඇති ආකල්පයන් දෙස බැලීමේ දී මේ පිළිබඳ බොහෝ සූත්‍රයන්හි සාකච්ඡාවට භාජනය කර තිබේ.  එසේ ම ජාතක කථා මෙන් ම බෞද්ධ සාහිත්‍යය ද විවරණය කර දක්වයි.
වෘද්ධත්වයට පත්වූවන්ට නිසි ලෙස තම යුතුකම් වගකීම් ඉටුකළ යුතු ආකාරය ඉතා කදිමට විග්‍රහ කළ අවස්ථාවක් සංයුක්ත නිකායේ මහාසාල සූත්‍රයෙන් පැහැදිළි කර තිබේ.  එකළ පැවැති සමාජ දෘෂ්ටිය පදනම් කරගෙන වෘද්ධත්වයට පත්ව අසරණවූ දිරාගිය වස්ත්‍ර ඇති බමුණකු බුදුරදුන් හමුවට පැමිණ සතුටු සාමිචිව කතාකොට සිටින අවස්ථාවෙහි ද බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් විමසා සිටිනුයේ කුමන කරුණක් හේතුවෙන් ජරාවට පත් දිරාගිය වස්ත්‍ර ඇත්තෙහි ද? විමසීය.  එහි දී බමුණා සඳහන් කරනුයේ දරුවන් සතර දෙනා ඔවුන්ගේ බිරින්දෑවරු සමග සාකච්ඡා කොට තමන් නිවසින් පන්නා දැමූ බව ය.  එහි දී බුදුරජාණන් වහන්සේ ගාථා කිහිපයක් උගන්වා මහජනයා සිටින තැනට දරවැන් හා පැමිණි විට ගායනා කරන ලෙස දේශනා කළහ.  බමුණා ද එපරිද්දෙන් කළහ.  දරුවන් තම පියා කැටුව ගොස් නහවා සැරසිලි කර උවැටැන් කළහ.  බුදුදහම තුළ වෘද්ධ භාවයට පත්වූ පිරිස උදෙසා ක්‍රියා කළ යුතු අන්දම එකළ සමාජ පිරිසට කියා දුන් අයුරු මොනවාට පවසම් ද?
සිඟාල සූත්‍රයේ දී වෘද්ධ පුද්ගලයන්ට ගරු කළ යුතු අයුරු ආකල්පමය වශයෙන් දක්වා තිබේ.  දිසා නමස්කාරය තුළින් මනාව ප්‍රතීයමාන වේ.  දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් මෙහි දී වෘද්ධ පුද්ගලයන් වශයෙන් ඇගැයීමට ලක් කර තිබේ.  යුතුකම් මාලාවක් දැක්වීමෙන් තම ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම අන්‍යයන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආදරයකින්, ගෞරවයකින්, බැලීමට ආත්මාර්ථකාමී බවෙන් තොර පරාර්ථකාමී ව කටයුතු කිරීමට පුද්ගලයා යොමු කිරීම සදිසා නමස්කාරය තුළින් පෙන්වා තිබේ.  පුද්ගලයාගේ දියුණුවට හේතු වන්නේ වැදිය යුතු ගරුකළ යුතු උතුමන් වූ වෘද්ධ පුද්ගලයන්ට ගරු කිරීම තුළින් බව ධම්මපදය තුළින් පෙන්වා දී තිබේ.  සීලයෙන් ගුණයෙන් පරිණතභාවයෙන් යුත් වෘද්ධ පුද්ගලයන් හට නිතර වැදුම් පිදුම් ගරුසත්කාර දක්වන්නෙහි නම් එලෙස කරන තැනැත්තාට ආයු වර්ණ සැප, බල නිතැතින් ම ලැබෙන බව පවසා තිබේ.   පුද්ගලයාගේ දියුණුවට හෝ පිරිහීමට හේතුවන්නේ ඔහුගේ කුලීන හෝ කුලහීන භාවය පදනම් කර ගෙන නොව ඒ ඒ තැනැත්තන්ගේ ඇසුරු කරන සමාජ වටපිටාව බැවින් වෘද්ධ භාවයේ වටිනාකම හැඳින අචීර්ණ කල්පිත සමාජ ක්‍රමය වෙනස් කර යහපත් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව, වෘද්ධත්වයට පත්වූවන්ට ගරු සැලකිළි කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙමින් එය පැහැදිලි කර ඇති අයුරු පරාභව සූත්‍රය, වසල සූත්‍රය වැනි සූත්‍රවලින් පැහැදිලි වේ.  යමෙක් තම වියපත් අබල දුබල වූ වෘද්ධ දෙමාපියන් පෝෂණය නොකරේ ද ඒ තැනැත්තා පිරිහීමට පත්වන පුද්ගලයෙකු බව දක්වා තිබේ.  මඝ මානවකයා ප්‍රධාන සාමාජික පිරිසගේ ප්‍රතිපත්තිය වූයේ ද කුල දෙටුවන් පිදීම තම ගුණයෙන්, නුවණින්, තපසින් පිරි වෘද්ධ පුද්ගලයන් බව පැහැදිලි ය.  තිත්තිර ජාතකය තුළින් වෘද්ධ භාවයේ අගය පෙන්වා දී තිබේ.  වැඩිහිටි ගුණ නුවණින් පිරි අන් අයට වඩා අද්දැකීම්වලින් බහුල ප්‍රඥා සම්පන්න පුද්ගලයා වෘද්ධත්වයට පත් වූ තැනැත්තා බැවින් ඔහුට සැලකීම කළ යුතු බව දක්වා දී තිබේ.
ආසියාතික රටවල් දෙස බලන කල එහි පැවැත්වෙන සම්ප්‍රදායන් සැලකූ විට වයස්ගත පුද්ගලයන්ට ගෞරවණීය ආකල්පයකින් සැලකීමේ ඇගයුම් රටාවක් එම රටවල විද්‍යමාන විය.  නමුත් නායර් සඳහන් කරන ආකාරයට කාර්මීකරණය, නාගරීකරණය හා තාක්‍ෂණය විසින් සමාජය තුළ ඇති කරන ලද තදබල වෙනස්වීම් විසින් එම සමාජයෙහි කලින් පැවැති විස්තෘත පවුල් කේන්ද්‍ර කොටගත් අන්‍යෝන්‍ය ආධාරක ක්‍රමය දුර්වල කර තිබේ.  ජනගහනයෙන් වයෝවෘද්ධත්වයට පත්වීම බොහෝමයක් ආසියාතික රටවල ඉස්මතු වෙමින් පැවතීම ගැටලුවකි.  බටහිර රටවල් හා සසඳා බලන විට ශ්‍රී ලංකාවේ වෘද්ධභාවයට හෙවත් වයෝවෘද්ධත්වයට පත්වීමේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින්නේ ඉහළ ආර්ථික සංවර්ධන මට්ටමක් නොපවතින් අවස්ථාවක දී ය.  ලක් දෙරණ තුළ මෑත කාලීනව සිදු වෙමින් පවතින සමාජ, ආර්ථික වෙනස්කම් නාගරීකරණය හා සංක්‍රමණ වැඩි වෙමින් පවතින යුගයක කාන්තා ශ්‍රම සහභාගිත්වය නිසා වයෝවෘද්ධත්වයන්ට ආධාර උපකාර කිරීමට ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමට පවුල සතු හැකියාව හීන වෙමින් පවතී. නූතනයේ දී බහුතර පිරිසක් මුදල මත හඹා යෑමට උත්සාහ දැරීමේ දී වැඩිහිටියෝ බහුතරයක් අසරණ තත්ත්වයට පත්වී තිබේ.  මෙය සුලභව දැකිය හැකි දෙයකි.
වයෝවෘද්ධත්වයට පත්වීමත් සමග වැඩිහිටියන්ගේ ශාරීරික හා මානසික තත්ත්වය ද ක්‍රමයේ දුර්වල අතට හැරේ.  ඔවුන්ට තමන් කළ රැකියාවන්වල, සමාජ කටයුතුවල යෙදීමට තරම් පොහොසත් නොවූ පිරිසකි.  ආර්ථික කටයුතුවලට දායක වීමට හෝ තමාගේ වැඩ කටයුතු නිසි පරිදි කර ගැනීමට නොහැකි තරම් ඇතැම් විට පිරිහීමට පත්ව ඇති කොටසක් බව කිව යුතුය.  මේ අනුව බලන කල්හි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වන  පිරිසක් බවටත් ඉපයීමේ ශක්තියෙන් තොර පිරිසක් බවට ද පත්ව සිටින බැවින් සමාජය විසින් නොසලකා හරින්නන් බවට පත්වීම නූතනයේ දක්නට ලැබෙන ප්‍රවණතාවයකි.  වයෝවෘද්ධත්වයට පත්වූවන් මහමඟ දමා යන පිරිසක් බවට පත්වී තිබේ.  නොඑසේ නම් කිසිවෙකුට නොපෙනෙන තැනකට ඇද දමා හුදෙකලාවේ විසීමට හෝ නැතිනම් දම්වැල් දමා බැඳ හිරකර තබන අවස්ථාවන් බවට පත් වී තිබේ.  මෙය වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන බහුල සිදුවීම් ලෙස සඳහන් කළ යුතු ය.  එකිනෙකා යුතුකම් පැහැර හැරීම මත හෝ වෙනයම් කුමන කරුණක් පදනම් කර ගෙන මෙවැනි සිදුවීම් දක්නට ලැබීම මහත් ඛේදජනක සිදුවීමක වශයෙන් පෙන්වා දිය යුතු ය.  නූතන සමාජ ආකල්ප දෙස තව දුරටත් විමසා බැලීමේ දී වයෝවෘද්ධ ජනගහනය නිසා තරුණ පරපුරට රැකියා සැපයීමට අපහසු වීමෙන් සමාජයට වැඩිහිටියන් බරක් යන ආකල්පය සමාජය තුළ දක්නට ලැබේ.  එමෙන් ම පවත්නා විලාසිතා නිසා වැඩිහිටියන් දෙස ඉතා පහත් ආකල්පයක් දක්වන්නට සමාජ පිරිස් පුරුදු වී සිටී.  වැඩිහිටියන් ගෙදරට මහත් හිසරදයකි.  ඔවුන් ගෙවල් අපිරිසිදු කරනවා.  සමාජ තත්ත්වය කෙලෙසනවා වැනි පහත් ආකල්පයන් නූතන සමාජය තුළ දක්නට  ලැබෙන තවත් සිද්ධි දාමයකි.  එබඳු ආකල්පයන් ඇතැමුන් දැක්වුව ද යහපත් ලෙස ගරු කරන ඇප උපස්ථාන කරන පිරිස ද නැතුවා ම නොවේ.  බොහෝ විට සමාජ පරිණාමය, කාර්මීකරණය නාගරීකරණය, නව තාක්‍ෂණය හේතුවෙන් සමාජය තුළ කාර්ය බහුලත්වය වැඩිවීම, නිවෙස තුළ ඉඩ ප්‍රස්ථාව මදිකම යනාදී හේතු වත්මන් සමාජය තුළ වයෝවෘද්ධභාවය කෙරෙහි අශුභදායි ආකල්පයන් මතුවීමට හේතු වන්නකි.  එසේ ම ඇතැම් වැඩිහිටියන්ගේ නොමනා කි5යාකලාපයන් නිසා සමාජය ඔවුන් කෙරෙහි පිළිකුලෙන් බැලීමට යොමු වී තිබේ.  මේ අනුව නූතන සමාජයේ වැඩිහිටි ආකල්ප දෙස බැලීමේ දී පෙනී යන්නේ අද එය සමාජ ප්‍රශ්නයක් වී ඇති බව යි.
නූතන සමාජයත් සමග සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත් ව ඇති මේ වයස්ගත භාවය පාලනය කරන්නට විද්‍යාත්මක සහන පතන බව ද සමාජය දෙස බැලීමේ දී පෙනී යයි.  සාම්ප්‍රදායික සමාජය තුළ වයස්ගත වීමේ ක්‍රියාවලියක් සේ සැලකුව ද එය පාලනය කිරීම සඳහා ව්‍යායාම, ආහාර පාලන ක්‍රම, වෙන විවිධ ආකල්පයෝ භාවිතා කිරීම, ශල්‍යකර්ම සිදු කිරීමෙන් තාරුණ්‍යය රැක ගැනීමට වෙර දැරීම, වෙන විද්‍යානුකූල ක්‍රම අනුගමනය කිරීමට පෙළඹී තිබේ.  විද්‍යාවට වුව ද මෙම ක්‍රියාවලිය පාලනය කළ නොහැකි ය.  කළ හැකි හොඳ ම දෙය වන්නේ අතීත පාඩම් හා ඔවුන්ගේ අත්දැකීම් පාදක කර ගෙන එහි වටිනාකම් පිළිබඳ ව සමාජය දැනුවත් කිරීම හා වැඩිහිටියන් ද උපේක්‍ෂාව හා කැප කිරීම් මත පරපුරේ ආදර ගෞරවයට හේතු වන පරිදි චර්යා හෙවත් සකසාගෙන කටයුතු කිරීම ය.  නූතන පරපුර හා වැඩිහිටි පරපුර අතර අන්‍යෝන්‍ය අවබෝධය මත වැළලී ගිය සාරධර්මවලට අනුව සියලු මතවල එකතුවෙන් යහපත් අනාගතයක් උදා කර ගැනීමට කටයුතු කිරීම වැදගත් ය.